දේශීය පිටියේ ‘විශ්මෙන්’ උපන් ‘අවිශ්ක’
මනුෂ්‍ය ජීවයට හුස්ම දෙන්නේ ස්වසන පද්ධතියෙනි. ස්වසන පද්ධතිය අකර්මන්‍ය වූ විට රෝගී තත්ත්වය සුව අතට පත් කරවීමට නම් තාවකාලිකව ඔක්සිජන් ලබාදීම සිදුකරයි. ගෙවී ගිය මාස කීපයේදී එක්දින සහ විස්සයි/20 තරග අංශයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පසුබැස්මක් පෙන්නුම් කළ බව නොරහසකි. එම පසුබෑම මත ක්‍රීඩා ලෝලීන්ද පසු වූයේ දැඩි කණගාටුවකින්ය යන්න නොරහසකි. එසේ කණගාටුවට පත්ව සිටි ක්‍රීඩා ලෝලීන්ව යළිත් ක්‍රිකට් ක්‍රීඩාව වටා යළිත් රොක් කරවීමට දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවරට හැකිවීම සතුටට කරුණකි. ඒ ඇෆ්ගනිස්තානයට පවා පරාජය වනු ඇති බවට බොහෝ දෙනා සමච්චලයට ලක් කළ ශ්‍රී ලංකාව, ක්‍රිකට් උපන් රට වුණු එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්වීම නිසාය.
එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව එල්ල වුණු දහසකුත් විවේචන, එකී ජයග්‍රහණයත් සමඟම වැළලී ගොස් ඇත. එපමණක් නොව පහසුවෙන් පරාජය කළ නොහැකි රටක් වශයෙන් හැඳින්වුණු එංගලන්තයට එරෙහිව පැවැති තරගය ජය ගැනීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ අවසන් කණ්ඩායමට 4 ට සුදුසුකම් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපුරුදු දක්ෂතා දැක බලා ගැනීමට හැකි වූ එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ ලසිත් මාලිංගගේ දක්ෂතා කැපී පෙනුණි. එපමණක් නොව හදිසියේම කණ්ඩායමේ නායකත්වයේ ඔටුණු පළන් දිමුත් කරුණාරත්න සාර්ථක නායකයකු වනු ඇති බව වූ ඉඟිද මෙම තරගයේදී ඕනෑ තරම් අපිට දැක ගත හැකි විය.
එංගලන්ත පිතිකරුවන්ගේ තේජක බිඳ දැමූ ලසිත් මාලිංග එම තරගයේ වීරයා බවට පත් වද්දී ශ්‍රී ලංකාව සතුව හැංගුණු වීරයෙක්ද සිටීම සතුටට කරුණකි. ඒ වෙන කවුරුත් නොව ලෝක කුසලානයට පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාවටම කෝඩුකාරයකු වූ අවිශ්ක ප්‍රනාන්දුය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම බලාපොරොත්තු තබා ඇති පිතිකරුවන් වූ කුසල් පෙරේරා මෙන්ම නායක දිමුත් කරුණාරත්න ලකුණු 03 ක් ඇතුළත දැවී ගොස් තිබුණු වෙලාවක පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පන්දුවට පහර දුන් ආකාරය සැබැවින්ම ප්‍රශංසනීයය. පන්දු 39 කදී ඔහු ක්‍රීඩා කරන ලද ලකුණු 49 ක ඉනිම නිසාම ඔහු ගැන බොහෝ දෙනාගේ අවධානය මේ වන විටත් යොමු වී අවසන්ය.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට අළුත් බලාපොරොත්තු ඇති කරවීමට සමත් වූ මේ යෞවනයා එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන ලද ක්‍රීඩා විලාශයෙන් මතක් කර දුන්නේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සමඟ පැවැති අවසන් පූර්ව තරගයේදී අරවින්ද ද සිල්වා රැස් කරන ලද ලකුණු 66 ක සුවිශේෂී ඉනිමය. එම තරගයේදීත් ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබා තිබූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යුගලය ලකුණු 03 ක් ඇතුළතදී දැවී ගොස් තිබියදී පීඩනය යන්න කුමක්ද යන්න සත පහකට හෝ ගණන් නොගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට අරවින්ද ක්‍රීඩා කළා සේම ලෝකයේම අවධානයට පාත්රව සිටින ජොෆ්රා ආචර් ඇතුළු පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් යැවිය හැකි පන්දු යවන්නන් සතු එංගලන්ත පිල හමුවේ අවිශ්ක දියත් කළ පිතිහරඹය එතෙක් කණ්ඩායම මුහුණ දී තිබූ පීඩන තත්ත්වයෙන් ගොඩ ඒමට වැඩි දායකත්වයක් දැක්වූ ඉනිම බවට පත්විය.
එතැනින් නොනැවතුණු අවිශ්ක දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 30 ක් රැස් කරමින් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් වල තව තවත විශ්වාසය දිනා ගැනීමට සමත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව රැස් කරන ලද ශතකයත් සමඟ ලෝක වාර්තා අතර සිය නම සටහන් කර ගැනීමටද අවස්ථාව උදා කරගත්තේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳ කතා කරන බොහෝ දෙනාගේ කතාව හෙවත් ප්‍රධාන මාර්තෘකාව වී ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දුය.
ඇත්තටම කවුද මේ අවිශ්ක…?
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලද ළාබාලතම සහ ලෝකයේම එවැනි හපන්කමක් කළ තෙවැනි පිතිකරුවා බවට පත්ව සිටින අවිශ්ක අහසින් පාත් වූවකු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලය පුරා ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් සිදුකරන ලද මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසින් අවිශ්ක නම් නිල් මැණික මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරවීමට හැකිව තිබේ.
අවිශ්ක ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ ඉකුත් 2016 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව වන අතර මංගල තරගයේදීම ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් අතරට අවිශ්කගේ නමද එකතු විය. ශාන්ත සෙබස්තියන් විදුහලේ පළමු පෙළ කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද 2016 වසරේදීම එක්දින වරම් ලබා ගන්නා විටත් අවිශ්කගේ වයස අවුරුදු 18 කුත් දින 148 කි.
එතැන් පටන් 2019 වසර වන තෙක් කණ්ඩායමේ ස්ථානයක් නොලද අවිශ්කගේ දිවියේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යොවුන් පිලේ එංගලන්ත තරග සංචාරයයි. එම කණ්ඩායමේ නායකයාව කටයුතු කරමින් ක්‍රීඩා කරන ලද එක්දින තරග 3 දී ශතක 2 ක්ද සමගින් මුලු ලකුණු 285 ක් වාර්තා කිරීමට අවිශ්ක සමත්වීම, තේරීම් කමිටුව ඇතුළු බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව බොහෝ අවධානය යොමු කරවන්නට හේතුවිය.
ඔස්ට්‍රේලියාව සමග තරගයෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ දොර විවර නොවුණද දේශීය ක්‍රිකට් තරගාවලිය යටතේ ද්විත්ව ශතකයක්ද සමඟ ලකුණු 576 ක් වාර්තා කර ගැනීමට සමත්වන අවිශ්ක, එම දක්ෂතා මත පදනම්ව ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයට ඇතුළත්වීමට වරම් ලබන්නේය. එම තරගාවලියේදීද තරග 5 කට ක්‍රීඩා කරන හෙතෙම මුලු ලකුණු 523 ක් වාර්තා කර ගැනීමට සමත් වන්නේ තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයට ඇතුළත්වීමට තරම් පරිසාදන මට්ටම ඉක්මවාලමිනි.
තවමත් විසි එක් වැනි වියේ පසුවන අවිශ්ක පන්දු යවන්නන් තඹයකට හෝ මායිම් නොකරමින් එල්ල කරන ලද හුක්, පුල් පහර පමණක් නොව ඩ්‍රයිව් පහරවල් පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ දැඩි අවධානයට යොමුවී ඇතිවා සේම දැඩි අගය කිරීමට ලක්ව තිබේ.
යොවුන් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සිටියදී අවිශ්ක කෙතරම් ලකුණු රැස් කළ පිතිකරුවකුද කිවහොත් එදා මෙදා තුර යොවුන් එක්දින තරග ඉතිහාසයේහි වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවාගේ වාර්තාවට අදටත් හිමිකම් කියයි. අවිශ්කගේ පිත්තෙන් මෙතෙක් වාර්තා වී ඇති යොවුන් ලකුණු සංඛ්‍යාව 2603 කි. එපමණක් නොව යොවුන් එක්දින තරග ඉතිහාසයේ වැඩිම ශතක සංඛ්‍යාවක් (06) රැස් කර ඇති පිතිකරුවා වන්නේද අවිශ්කය. මේ අවිශ්ක ක්‍රීඩා කරන ලද ප්‍රධාන තරගාවලි පමණි. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික පළාත් තරගාවලිය, නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය මෙන්ම වයස අවුරුදු 19 න් පහළ පළාත් තරගාවලිවලදීද අවිශ්ක දක්වන ලද දක්ෂතා අපමණය. (පහතින් දක්වා ඇති වගුවෙහි අවිශ්ක දක්වා ඇති දක්ෂතා පිළිබඳව පැහැදිළි අවෙබා්ධයක් ලබාගත හැක.)
කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ප්‍රථම ස්කොට්ලන්තය සමඟ පැවැති පුහුණු එක්දින තරගයේදී ලකුණු 74 ක් ලබා ගනිමින් ලේසියෙන් අතහැර දැමිය හැකි පිතිකරුවකු නොවන බවට තේරීම් කමිටුවට පෙන්වීමට සමත්වූවේය. එසේ ලද විශ්වාසය මත තිරිමාන්නගේ ස්ථානය සඳහා අවිශ්කව ආදේශ කෙරිණ.සියල්ල වෙනස් වූයේ එතැනින් පසුවය. මේ සියල්ල දෙස සුපරික්ෂාකාරීව බැලීමේදී පෙනී යන තවත් කරුණක් ඇත. එනම් කවුරු කෙසේ විවේචන ඉදිරිපත් කළද දේශීය ක්‍රීඩාව පවතින්නේ තවමත් හරි ස්ථානයේය යන්නය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම වන්නේ අවිශ්කලා, කුසල්ලා ඉදිරියට ගෙන ඒමය. එය වත්මන් ක්‍රමවේදය හරහා සිදුවන්නේය.
සිදුනොවන්නේ, ක්‍රිකට් ක්‍රමවේදය හරහා උඩට පැමිණෙන ක්‍රීඩකයින්ගේ දක්ෂතා එලෙසින් පවත්වාගෙන නොයෑමය. දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය ප්‍රමිතියකින් තොර යැයි කෙතරම් චෝදනා එල්ල වුවද අර්බුදය ඇත්තේ එතැන නොවන බව චෝදනා එල්ල කරන පිරිස්වලට නොතේරීම කණගාටුදායකය. එසේ නම් සිදුකළ යුත්තේ “පය බරවාට පිටිකර බෙහෙත් බඳින්නා සේ” නොව හරි තැනට බෙහෙත් බැඳීමය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ ලෙඩේ ඇති තැන සොයා ගැනීමය. ජාතික කර්තව්‍යයක් ලෙස සිතා එය වටා රොක් විය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ සදාකාලිකවම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කෘතිමව ඔක්සිජන් සැපයීමය. ලිපියේ පූර්විකාවට යමු. ලෝක කුසලාන තරගාවලියේ අප ලද ජයග්රහණයන් ඔක්සිජන් වලට සමාන කළේ ඇයිද යනන දැන් ඔබට වැටහෙනු ඇත.
Avishka Fernando
Full name Weerahandige Inol Avishka Fernando
Born April 5, 1998, Wadduwa
Current age 21 years 90 days
Major teams Sri Lanka, Colombo, Sri Lanka Under-19s
Playing role Opening batsman
Batting style Right-hand bat
Bowling style Right-arm medium-fast
Batting and Fielding Averages
Category | Mat | Inns | NO | Runs | HS | Ave | BF | SR | 100 | 50 | 6s | 4s | CT | ST | |
ICC | 20Twenty | 3 | 3 | 0 | 17 | 16 | 5.67 | 20 | 85.00 | 0 | 0 | 2 | 0 | 0 | 0 |
One Day | 9 | 9 | 0 | 328 | 104 | 36.44 | 328 | 100.00 | 1 | 1 | 8 | 36 | 4 | 0 | |
International-A | One Day | 5 | 5 | 0 | 523 | 139 | 104.60 | 444 | 117.79 | 3 | 2 | 19 | 50 | 3 | 0 |
Four Day | 3 | 6 | 1 | 75 | 20 | 15.00 | 98 | 76.53 | 0 | 0 | 0 | 14 | 4 | 0 | |
U 19 – Div1 | Two Day | 46 | 65 | 6 | 2121 | 165 | 35.95 | 2996 | 70.79 | 5 | 11 | 52 | 241 | 38 | 0 |
One Day | 11 | 11 | 0 | 404 | 136 | 36.73 | 444 | 90.99 | 1 | 2 | 16 | 42 | 4 | 0 | |
20Twenty | 4 | 4 | 0 | 78 | 43 | 19.50 | 81 | 96.30 | 0 | 0 | 0 | 11 | 3 | 0 | |
Premier | ThreeDay | 13 | 23 | 1 | 865 | 223 | 39.32 | 1178 | 73.43 | 2 | 4 | 14 | 116 | 12 | 0 |
20Twenty | 9 | 9 | 1 | 253 | 74 | 31.63 | 147 | 172.11 | 0 | 3 | 9 | 33 | 3 | 0 | |
One Day | 5 | 5 | 0 | 220 | 100 | 44.00 | 249 | 88.35 | 1 | 1 | 5 | 21 | 2 | 0 | |
National-Province | 20Twenty | 5 | 5 | 0 | 71 | 54 | 14.20 | 53 | 133.96 | 0 | 1 | 4 | 5 | 2 | 0 |
One Day | 9 | 7 | 1 | 145 | 54 | 24.17 | 157 | 92.36 | 0 | 1 | 2 | 21 | 5 | 0 | |
U19 International | ThreeDay | 7 | 10 | 1 | 263 | 63 | 29.22 | 472 | 55.72 | 0 | 3 | 1 | 36 | 1 | 0 |
Four Day | 2 | 4 | 0 | 126 | 49 | 31.50 | 199 | 63.32 | 0 | 0 | 0 | 22 | 3 | 0 | |
One Day | 39 | 38 | 4 | 1379 | 138 | 40.56 | 1568 | 87.95 | 4 | 4 | 24 | 146 | 16 | 0 | |
U23 Premier | ThreeDay | 3 | 5 | 0 | 134 | 65 | 26.80 | 163 | 82.21 | 0 | 1 | 3 | 19 | 3 | 0 |
Emerging | One Day | 6 | 6 | 0 | 223 | 80 | 37.17 | 279 | 79.93 | 0 | 2 | 2 | 26 | 3 | 0 |
Two Day | 1 | 1 | 0 | 28 | 28 | 28.00 | 32 | 87.50 | 0 | 0 | 0 | 5 | 1 | 0 | |
U19 – Province | Two Day | 4 | 7 | 0 | 318 | 160 | 45.43 | 352 | 90.34 | 1 | 2 | 11 | 32 | 6 | 0 |
U23 – Provincial | Two Day | 2 | 3 | 1 | 11 | 8 | 5.50 | 39 | 28.21 | 0 | 0 | 0 | 2 | 0 | 0 |